Handing over the the appeal to the Right to information commision of Sri Lanka to get information
නම් කළ නිලධාරියාගේ තීරණය හේතුවෙන් පීඩාවට පත්වීම මත හෝ පනතෙන් නියමකරනු ලබන කාලසීමාව තුළ එකී නිලධරයාගෙන් තීරණයක් ගැනීමට අසමත්වීම මත ඕනෑමඅභියාචකයෙකුට කොමිෂන් සභාව වෙතට මෙකී රීති වල දැක්වෙන සාම්පල පෝරමයෙන්ඉල්ලා සිටින තොරතුරු ලබාදීම මගින් කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකිය.
අභියාචනය කොමිෂන් සභා කාර්යාලයේ ගොනු කළ යුතු අතර, පුද්ගලිකව හෝ ලියාපදිංචි තැපෑල මගින් ලබාදිය හැකිය..
අභියාචනයක් සාමාන්‍ය වශයෙන් සලකා බැලීම සඳහා මාස 2ක් ඇතුළත ඉදිරිපත් කළයුතුය.
එබදු අභියාචනයක්, සත්‍ය පිටපත් බවට තමන් විසින් සහතික කළ පහත දැක්වෙන ලිකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.
පනතේ 24 වන වගන්තිය යටතේ සිදුකළ ඉල්ලීමේ පිටපතක්.
තොරතුරු නිලධාරියාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්.
පනතේ 31 වගන්තිය යටතේ නම් කළ නිලධාරියා වෙත සිදුකළ අභියාචනයේ පිටපතක්.
නම් කළ නිලධාරියාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්.
අභියාචක විසින් සුදුසු යැයි හැඟෙන, ඔහුගේ හෝ ඇයගේ අභියාචනයට අදාළව ඉදිරිපත් කළ සෙසු ලියකියවිලි වල පිටපත්, ඒවායේ සුචියක් සමඟ.
අභියාචනයක් අභියාචක විසින් පිටපත් දෙකකින් යුතුව ගොනුකළ යුතුය.
රීති (1-5) දක්වා ඇති කොන්දේසි තෘප්ත නොකරන්නේ නම් කොමිෂන් සභාව විසින් අභියාචනයක් සාමාන්‍ය වශයෙන් පිළිනොගනු ඇත.
මාස දෙකේ කාලපරිච්ඡේඅදය ඉක්මවා යාමෙන් පසුව වුවද, ඔහුගේ/ ඇයගේ පාලනයෙන්බැහැරව හේතුවක් විසින් ඔහු/ ඇය අභියාචනය ඉදිරිපත් කිරීමෙන් වළක්වාඇතිවිටදී එකී අභියාචනය පිළිගැනීමට කොමිෂන් සභාවට හැකියාව ඇත.